ජම්බුකාවේ දවස ගෙවී ආදම් මඩකලපුව නිවෙස බලා එන මොහොත එළඹෙයි. ඔහු සිටින්නේ ඉදිරිපස අසුනේ පත බෑවීය.ඔහුගේ වෙද නලාවේ පියන ඔහුගේම පස්සට අසු වී ඇත.ඉන් ඔහුගේ උන්ඩුක පුච්ඡය වේදනාවෙන් පසුවෙයි. ඒ ඔහුගේ එකම උන්ඩුක පුච්ඡයයි.එනම් ඔහු බුද්ධිහීන ජම්බයියෙකි.එහෙත් ඇතැම් විට උන්ඩුක පුච්ඡ හාරපන්සීයක දැනුමක් ඇත්තෙකුසේ හැසිරෙයි. ඇත්තෙන්ම ආදම් තේරුම් ගැනීම ඉතා අසීරු කටයුත්තකි. හරියටම ජම්බුකාවේ බදු ව්‍යුහය තේරුම් ගන්නවා සේමය. හෙට ඉන්නේ අද උන් එකා නෙවේය.අන්න එවැනි අයෙකි, ආදම්..!
ඊවා රියදුරු අසුනේ හිඳගෙන වාහනය එළවන්නී, ත්‍රී වීල් කාරයන්ගේ නිමක් නැති අතෝරයන්ට තමා ඇතුලු සෙසු රියදුරන් භාජනය වෙනු දකින්නී , තමාගේ එකම උන්ඩුක පුච්ඡය තුල මෛත්‍රිය නම් වූ සමාධිය වවන්නට තැත් දරන්නීය.
ජම්බුකාවේ සඳත් ටික ටික එළි බහින සමයම බැවින් ආදම්ට කවි සිතුවිලි පහල වෙයි. ඔහු එය ගයයි.
''හා හරි හාවා..
සඳ එලියේ නෑවා..
දැකලා ඊවා......
ඌ දීවා.......//
ඊවා ත්‍රීවීල් කරුවන් ඈතින් එනවිට වසූරිය රෝගින් එනු සේ සිතා වහාම වාහනය අහකට ගන්නී, ඉන්පසු ආදම් ගේ කවිය පිළිබඳ සිතා බලයි.
'' ඒකෙ අනුභූතිය වැරදියි, ඉස්සෙල්ලම. ඊලඟට, එලි වැට. ඒක කැලේ.ඊලඟට මාත්‍රා. මුල හරියෙ මාත්‍රා වලින් කාලක් වත් නැහැ අගට එනකොට. ඇයි ඒවායෙ වැට් කපලද අන්තිමට? මෙත්තපාල් සක්සේනා ගෙ විරිදු හොඳා ඔයිට වැඩිය''
ආදම් පස්ස උස්සයි. උන්ඩුක පුච්ඡය මුදා ගැනීමේ මෙහෙයුමක යෙදී ඉන් ජය ගනියි.ඒ අතර ඊවා ඇයගේ කවිය ගයයි.
''බලි ඇඩමා ආවා..
එලි සම කවි කෑවා..
කලිසම දා හාවා...
හෙලිවැල්ලෙන් දීවා.......
දැක්කද? අන්න කවි!මුල අග එලිසම!කෝ ඇඩම් කලිසම?..''
ආදම් බුම්මා ගෙන.
''.. ඒ වුනත් මෙත්තපාල සක්සේනා වගේ අපිත් බැරි ගාතෙ හරි කවි කියන්න පුරුදු වෙන්න ඕනෙ,දන්සැල් වල බත් බෙදන්න යන්න ඕනෙ. නැත්නම් හරි බෝරිං මේ ලයිෆ් එක.''
''ඒක හරි, '' ඊවා එකඟ වෙයි.''නැත්නම් අපි කියල මොනවා කරන්නද නේද? ජම්බුකාවෙ මෙන්න කියලා පෙන්නන්න ප්‍රශ්නයක් වත් නැති එකේ...''
ආදම් බුද්ධිමත් යමක් කීමට තැත් දරයි.එහෙත් ඔහුගේ මෝඩ, ගෝත්‍රික, බයි මොලයට එවැනි දෙය එතරම් නොතේරෙයි. ඔහු දන්නේ ඊවා මෙන්ම රජයේ රෝහලට ගොස් ලෙඩ්ඩුන්ට බෙහෙත් කිරීම පමණෙකි. අහෝ මෝඩ ආදම්!
එහෙත් ඔහු මෙසේ කියයි
''නිකම්ම කවි කියලත් හරියන්නෙ නැති වෙයි. තාප්පයක් උඩ වාඩි වෙලා ටෙලිෆෝන් කෝල් ගන්න ෆොටෝ ටිකකුත් ගන්න වෙයි.ඒ වටේට තියන්න ඉස්කෝල ලමයි ටිකකුත් හොයා ගන්න වෙයි. හරියට මහන්සි වෙන්න වෙනවා..''
ඊවා සතුටිනි. හේතුව ඇයටත් ආදම්ටත් එකඟ විය හැකි මානයකට සාකඡ්චාව ඇදී යන බැවිනි.
''කලවං හොද්දෙන් බුරියානි හදන හැටිත් ඉගෙන ගමු''
''ඇයි කුකුල් පාත්ත ගොංබද්දලගෙ පොත් දොරට වඩින උත්සවේදි කට පුරා ''පුක'' කියල කියන්නත් පුරුදු වෙන්නම වෙනවා''
ඊවා වහාම බ්‍රේක් පාරක් ගසයි. සීට් පට්ය නිසා ආදම් ගේ දිවි ගැලවෙයි. සිහි එලවා ගත් හැටියේ ඔහු කෑ ගසයි.''ඇ..ඇයි..ඇයි...?''
ඊවා කලබලයෙන් ඔහු දෙස බලයි.
'''කුකුල් පාත්ත ගොන්බද්දල හොයා ගන්නෙ කොහොමද?''
''හැබෑට කුකුල් පාත්ත ගොන්බද්දල හොයා ගන්නෙ කොහොමද? ජම්බු කඩාල් කලපුවෙන් ශුක්‍රාණු හොයන එක ඊට ලේසියි''
''අඩු ගානෙ රතුඅලියේ අතන හාමුදුරුවොවත් පණ පිටින් හිටියානම්..!''
''හැබෑට කෝ එගොල්ලෝ?''
''අයියෝ..!''
''අයියෝ!!''
''එතකොට අපිට හැමදාම බෝරිං වෙලාද ඉන්න වෙන්නේ?'' ඊවා අසන්නීය.
'' එතකොට අපිට නැණැස කියල දෙන්නෙ කවුද?'' ආදම් අසන්නේය.
ඊවාත්, ආදමුත් පාර අයිනේ වාහනය නවතා ගෙන තුශ්නිම්භූත වී සිටිති.ඔවුන්ගේ ඇස් දොට්ට පනින්නට මෙනි.ඒ කාලයේ ඒ බහුශෘත සුරු විරු ජම්බරුවන් කවුරු හරිම හෝ හොයා ගන්නේ කෙසේද? ඔවුන්ට මහා අනාරක්ෂිත බවක් දැනෙයි.ජම්බුකාවට මේ කඩා පාත් වූ හෙණය කුමක්ද?
අනේ ඔවුන් නොමැතිව ජම්බුකාව කෙතරම් අසරණද?