''ලීනා ගේ පස්සෙ සයිස්...! වට්ටක්කා ගෙඩියක් වාගේ...''
ආදම් එවිට මෙසේ කියයි.
''වට්ටක්කා වලටත් මම ආසයි නෝනේ...
මිනිහෙකුගේ වර්ධනයට කැරොටීන් ඕනේ''
මේ අතරේ ලීනාගේ සැමියා ෆ්‍රෙඩී තාප්පය ලඟට ආවෙන්, ඊවා පසු බැස ගිය අතර ආදම් ඉදිරියට ගොස් කතාබහක යෙදෙන අයුරුත්, මඳ වෙලාවකින් ප්‍රීතියෙන් ප්‍රමුදිත ආදම් කෙනෙක් ගෙය තුලට දුව ගෙන එන අයුරුත් දර්ශන පථයේ සටහන් වෙයි.
''ඊවී...ඊවී..හාඅහ්..හාහ්...ඊවී''
''ඇයි මොකද මෙච්චර නටන්නේ?මේ සතියට ලීනාව බලා ගන්න කිවුවාද?''
''පිස්සුවක් කියවනවා..මම එච්චර වාසනාවන්ත නම් මක් වෙයිද? එයාලා මේ සතියේ ගමේ යනවාලු.. අපිට අර වැඩේ කරගන්න පුලුවන්.. මේ සතියෙ නිදහසේ..''
''හානේ...ඔවුමයි...හව් නයිස් අනේ...'' ඊවා වටයක් නටා පෙන්වූවාය.
මේ වැඩ්ය කුමක්ද යත්;
විරිදු සැන්දෑවක් පැවැත් වීමේ නොතිත් ආශාවයි. ඔවුන් බලා සිටියේ අහල පහල ශබ්දය ඇසෙන මානයේ සිටින එකම මනුශ්‍ය ප්‍රාණ වන ලීන, ප්‍රෙඩී යුවල කොහේට හෝ අභ්‍යවකාශ ගත වනතුරුය.
තත්පරයක් කල් යවන්නට අකමැති වූ ඊවා වහා මූනු පොතට මූන ඔබා ගෙන පහත සඳහන් ස්ටේටය සමාජ ගත කළාය.
ඇටෙන්ශන් ප්ලීස්!
ඇප්ලිකේශන්ස් ආ කෝල්ඩ් ෆ්‍රොම් දෝස් හූ ආ ඉන්ටරස්ටඩ් ඉන් පාටිසිපේටිං ඉන් කැන්ඩ්ල් ලිට් විරිදු ඊව්නින්ග් ඇට් ඇඩම්'ස් ප්ලේස් ඇට් 5.30 පී එම් නෙක්ස්ට් සැටඩේ. ඊවා ඇන්ඩ් ඇඩම් අන්ප්ලග්ඩ්.රිෆ්රෙශ්මන්ට්ස් ප්රොවයිඩඩ්.
හැරෙන තැපෑලෙන් ලැබුණු සිය දහස් පිළිතුරු අතරින් පහත සඳහන් අය ඊවාගේ සිරිබර සුරතින් තෝරා ගැනුණි.
1. මෙත්තපාල් සක්සේනා
2.තමිල් මක්කමසිංහ
3.මංගාල් සරම් ආල
4.මොහින්දර් ආලපක්ශ
5. තඹපන්නියේ සුජීව හිමි
6.පට්ට ලීචම් ෆකරෙණ වක
7.අතිඋතුම් පරාජිත ගොනාරත්න හිමි
8.හරි සන්තෝශ් කරුමනායක
9.දඟර වලිග-ලප කුමාර
10.සාහිත්‍ය චක්‍රවර්ති කුකුල් පාත්ත ගොන්බද්දල
ඉදින් මෙවන් ජන ගඟාවක් මධ්‍යයේ පැවැත්වෙන ඉටිපන්දම් එලියෙන් ආලෝක වත් වූ විරිදු සැන්දෑවට සකල බ්ලොග් වාසී ඔබ සැමටද සාදර ආරාධනා...! ලබන සතියේ හමුවෙමු.
අනේ මෙගොල්ලන්වත් ගෙන්න ගන්න.
ReplyDeleteෆයිල්ඩ් මුර්සෙල් ෆවුන්සිකා
වයිමාලේ වයිර් වෑන්ස්
දන්තජ රාජ් සිනාරෙට්නේ
නයිමාල් ශ්රයිපාල්
දන්තරාජ් සිනාරෙට්නේ පෙනී සිටින්නේ අති උතුම් පරාජිත ගොනාරත්න හිමි නමිනි.
Deleteෆයිල්ඩ් මුර්සෙල් ෆවුන්සිකා, නයිමාල් ශ්රයිපාල් ට ආරාධනා පත් යැවුවා.
අනේ මෙගොල්ලන්වත් ගෙන්න ගන්න.
ReplyDeleteෆයිල්ඩ් මුර්සෙල් ෆවුන්සිකා
වයිමාලේ වයිර් වෑන්ස්
දන්තජ රාජ් සිනාරෙට්නේ
නයිමාල් ශ්රයිපාල්
හ්ම්.................... හ්ම්
ReplyDeleteහ්ම්..හ්ම්
Deleteයහමින් පද හදයි වගේ විරිඳු සැඳෑවේදී
ReplyDeleteපද කියන්නේ...., පද මානවක ලා නේ ඔක්කෝම? බලමු,බලමු.
Deleteමේ ඉට්ටැයිල් එකට මං මාර මනාපයි! මධ්‍යස්ථ මතධාරියා තමා පාර කිව්වෙ. එල්ලා ගත්තා. දිගටම ලියමු.
ReplyDeleteබොහොම ඉස්තූති.මම ගියානෙ විරිදු සැඳෑව වාර්තා කරන්න, හරියටම සතියකින්.මෙන්න මට ලැබුණු උත්තරය.
Deleteජම්බුකාවෙ සතියක් කියන්නෙ වෙන රටවල වගේ දවස් හතකට නෙමෙයිලු.උදාහරණයක් වශයෙන් ජම්බුකාවෙ නගර සභාව දින 100 කට බලයට පත් කරා කිව්වම, වෙන රට වල දින 100කින් ඒක මනින්න එපාලු.ඒක සමහර විට සාමන්‍ය රටක දින 200 ක් හෝ ඊට වඩා වුනත් වෙන්න පුලුවන්ලු.දිවිය ලෝකෙත් ඔන්න ඔහොම මොකද්ද අමුතු කැලැන්ඩරයක්ලු යන්නෙ.. කාලා වරෙංකො! මම ඉතින් අකුල ගෙන ආවා.
This comment has been removed by the author.
ReplyDeleteවිරිඳු සැඳෑව බලන්න අපිත් එනෝ..! :)
ReplyDeleteඅනිවා එන්නම ඕනෑ. මාර ප්‍රශ්නේ නේ ජම්බුකාවේ? දින 100 අර්ථ දක්වලා නැති නිසා සතිය අර්ථ දක්වා ගන්න බැහැ.
Deleteආදම් ටයි, ඊවාටයි, මටයි මාර ප්‍රශ්නේ. මොකද ආරාධිතයෝ ඔක්කොම දින 100 ළමයි නොවැ, ආලපක්ශ හැරුනම.
කෝ මේ ජම්බුකාවේ මොකද අළුත්ම තත්වේ? ආදම් ඇන්ඩ් ඊවා රට පැනලාවත් ද ජීවිත තර්ජන නිසා?
ReplyDelete