Thursday, June 30, 2016

ජම්බු කඩාල් කළපුව සහ ආදම්,ඊවාගේ බෝරිං ලයිෆ්.

Image result for couple in car

ජම්බුකාවේ  දවස ගෙවී ආදම් මඩකලපුව නිවෙස බලා එන මොහොත එළඹෙයි. ඔහු සිටින්නේ ඉදිරිපස අසුනේ පත බෑවීය.ඔහුගේ වෙද නලාවේ පියන ඔහුගේම පස්සට අසු වී ඇත.ඉන් ඔහුගේ උන්ඩුක පුච්ඡය වේදනාවෙන් පසුවෙයි. ඒ ඔහුගේ එකම උන්ඩුක පුච්ඡයයි.එනම් ඔහු බුද්ධිහීන ජම්බයියෙකි.එහෙත් ඇතැම් විට උන්ඩුක පුච්ඡ හාරපන්සීයක දැනුමක් ඇත්තෙකුසේ හැසිරෙයි. ඇත්තෙන්ම ආදම් තේරුම් ගැනීම ඉතා අසීරු කටයුත්තකි. හරියටම ජම්බුකාවේ බදු ව්‍යුහය තේරුම් ගන්නවා සේමය. හෙට ඉන්නේ අද උන් එකා නෙවේය.අන්න එවැනි අයෙකි, ආදම්..!

ඊවා රියදුරු අසුනේ හිඳගෙන වාහනය එළවන්නී, ත්‍රී වීල් කාරයන්ගේ නිමක් නැති අතෝරයන්ට තමා ඇතුලු සෙසු රියදුරන් භාජනය වෙනු දකින්නී , තමාගේ එකම උන්ඩුක පුච්ඡය තුල මෛත්‍රිය නම් වූ සමාධිය වවන්නට තැත් දරන්නීය.

ජම්බුකාවේ සඳත් ටික ටික එළි බහින සමයම බැවින් ආදම්ට කවි සිතුවිලි පහල වෙයි. ඔහු එය ගයයි.

 ''හා හරි හාවා..
සඳ එලියේ නෑවා..
දැකලා        ඊවා......
ඌ දීවා.......//

ඊවා ත්‍රීවීල් කරුවන් ඈතින් එනවිට වසූරිය රෝගින් එනු සේ සිතා වහාම වාහනය අහකට ගන්නී, ඉන්පසු ආදම් ගේ කවිය පිළිබඳ සිතා බලයි.
'' ඒකෙ අනුභූතිය වැරදියි, ඉස්සෙල්ලම. ඊලඟට, එලි වැට. ඒක කැලේ.ඊලඟට මාත්‍රා. මුල හරියෙ මාත්‍රා වලින් කාලක් වත් නැහැ අගට එනකොට. ඇයි ඒවායෙ වැට් කපලද අන්තිමට? මෙත්තපාල් සක්සේනා ගෙ විරිදු හොඳා ඔයිට වැඩිය''

ආදම් පස්ස උස්සයි. උන්ඩුක පුච්ඡය මුදා ගැනීමේ මෙහෙයුමක යෙදී ඉන් ජය ගනියි.ඒ අතර ඊවා ඇයගේ කවිය ගයයි.

''බලි ඇඩමා ආවා..
එලි සම කවි  කෑවා..
කලිසම දා හාවා...
හෙලිවැල්ලෙන්  දීවා.......

දැක්කද? අන්න කවි!මුල අග එලිසම!කෝ ඇඩම් කලිසම?..''

ආදම් බුම්මා ගෙන.
''.. ඒ වුනත් මෙත්තපාල සක්සේනා වගේ අපිත් බැරි ගාතෙ හරි කවි කියන්න පුරුදු වෙන්න ඕනෙ,දන්සැල් වල බත් බෙදන්න යන්න ඕනෙ. නැත්නම් හරි බෝරිං මේ ලයිෆ් එක.''

''ඒක හරි, '' ඊවා එකඟ වෙයි.''නැත්නම් අපි කියල මොනවා කරන්නද නේද? ජම්බුකාවෙ මෙන්න කියලා පෙන්නන්න ප්‍රශ්නයක් වත් නැති එකේ...''

ආදම් බුද්ධිමත් යමක් කීමට තැත් දරයි.එහෙත් ඔහුගේ මෝඩ, ගෝත්‍රික, බයි මොලයට එවැනි දෙය එතරම් නොතේරෙයි. ඔහු දන්නේ ඊවා මෙන්ම රජයේ රෝහලට ගොස් ලෙඩ්ඩුන්ට බෙහෙත් කිරීම පමණෙකි. අහෝ මෝඩ ආදම්!

එහෙත් ඔහු මෙසේ කියයි
''නිකම්ම කවි කියලත් හරියන්නෙ නැති වෙයි. තාප්පයක් උඩ වාඩි වෙලා ටෙලිෆෝන් කෝල් ගන්න ෆොටෝ ටිකකුත් ගන්න වෙයි.ඒ වටේට තියන්න ඉස්කෝල ලමයි ටිකකුත් හොයා ගන්න වෙයි. හරියට මහන්සි වෙන්න වෙනවා..''

ඊවා සතුටිනි. හේතුව ඇයටත් ආදම්ටත් එකඟ විය හැකි මානයකට සාකඡ්චාව ඇදී යන බැවිනි.

''කලවං හොද්දෙන් බුරියානි හදන හැටිත් ඉගෙන ගමු''
''ඇයි කුකුල් පාත්ත ගොංබද්දලගෙ පොත් දොරට වඩින උත්සවේදි කට පුරා ''පුක'' කියල කියන්නත් පුරුදු වෙන්නම වෙනවා''

ඊවා වහාම බ්‍රේක් පාරක් ගසයි. සීට් පට්ය නිසා ආදම් ගේ දිවි ගැලවෙයි. සිහි එලවා ගත් හැටියේ ඔහු කෑ ගසයි.''ඇ..ඇයි..ඇයි...?''

ඊවා කලබලයෙන් ඔහු දෙස බලයි.
'''කුකුල් පාත්ත ගොන්බද්දල හොයා ගන්නෙ කොහොමද?''

''හැබෑට කුකුල් පාත්ත ගොන්බද්දල හොයා ගන්නෙ කොහොමද? ජම්බු කඩාල් කලපුවෙන් ශුක්‍රාණු හොයන එක ඊට ලේසියි''

''අඩු  ගානෙ රතුඅලියේ අතන හාමුදුරුවොවත් පණ පිටින් හිටියානම්..!''
''හැබෑට කෝ එගොල්ලෝ?''
''අයියෝ..!''
''අයියෝ!!''
''එතකොට අපිට හැමදාම බෝරිං වෙලාද ඉන්න වෙන්නේ?'' ඊවා අසන්නීය.
'' එතකොට අපිට නැණැස කියල දෙන්නෙ කවුද?'' ආදම් අසන්නේය.

ඊවාත්, ආදමුත් පාර අයිනේ වාහනය නවතා ගෙන තුශ්නිම්භූත වී සිටිති.ඔවුන්ගේ ඇස් දොට්ට පනින්නට මෙනි.ඒ කාලයේ ඒ බහුශෘත සුරු විරු ජම්බරුවන් කවුරු හරිම  හෝ හොයා ගන්නේ කෙසේද? ඔවුන්ට මහා අනාරක්ෂිත බවක් දැනෙයි.ජම්බුකාවට මේ කඩා පාත් වූ හෙණය කුමක්ද?

අනේ ඔවුන් නොමැතිව ජම්බුකාව කෙතරම් අසරණද?

Sunday, June 26, 2016

ජම්බයියන්, ජම්බරුවන් සහ '''තී හැ මේ නි ය ''!




ජම්බයියන්, ජම්බරුවන් සහ '''තී හැ මේ නි ය ''!


 



ජම්බුකාවේ හුදී ජන ජීවිතය දැහැමෙන් සෙමෙන් ගලා ගිය නිසා, එහි විරිදු සැඳෑව දින නියමයක් නැතිව කල් ගිය බැව් ඔබ සැමට මතක් කරදීම මාගේ යුතුකම වෙයි.
එබැවින්ම, ඊවා මඩකලපුව , ආදම් මඩකලපුවද, මෙය වාර්තා කරන මා දීර්ඝ ශිශිර තාරක නින්දකට වැටී හුන් බවද සටහනට ගනු මැනවි.

ඇත්ත ඇති සැටියේ කියන්නේ නම්, ජම්බුකාවේ අරක මේක පටන් ගත් ආකාරයම දෝෂ සහගත වෙයි. මක්කා නිසාද යත්,ඊවා සහ ආදම් මඩකලපුව ගැන කීමට පෙර සමස්ත ජම්බුකාව  පිළිබඳව අපට කතා කිරීමට තිබුනා නොවේද? මා එතරම් ආත්මාර්ථ කාමී වූයේ ඇයි....?ඇයි..? ඇයි...?

මා කමන්න සෝයුරනි. අපි වැරදි නිවැරදි කරගෙන අලුත් වෙනසකට මග සොයමු.


ජම්බුකාවේ විත්ති.

ජම්බුදීපයෙන් දෙන්නම් ජම්බූ කියා දෙන විට දෙන තරමක් කන්නාන් කියා හෝල්සේල් එකේ කෑම හේතු කොට ජම්බුකාව තමාගෙ සුන්දර නාමය ඉතා දුකසේ උපයා ගත් බව මේ වනවිට උගත් පාඨකයා දනියි.

ජම්බුකාවේ මහජාතිය සහ සුලු ජාතිය යනුවෙන් දෙකොටසකි.ශාන්තී... ශාන්තී... කලබල නොවන්න.! මෙය ජාතිවාදී ගමනකට මුල පිරීමක් නොවෙයි.
ජම්බුකාවේ සාක්ෂරතාව මනින මිනුම වනාහී ''උන්ඩුක පුච්ඡ'' වෙයි.උන්ඩුක පුච්ඡ 1යි, උන්ඩුක පුච්ඡ 2යි,...ආදී ලෙසටය. මෙහි සාක්ශරතාව ලඟදී සිට ඉතා ඉහල අගයක් ගන්නට පටන් ගත්තේය. මේ සඳහා අත හිත ලබා දුන්නේ අම්මා වත් නැන්දම්මා වත්,ජම්බුකාවේ "පෝරක මලී'' බැන්කුවෙන් වත් නොව ''සෝක් මකර බුහ්!'' නම් වූ විද්වතා විසින් ලියන ලද කේස් බුක් නම් ග්රන්ථයයි; නොහොත් යන්ත්රයයි.

ජම්බුකාවේ සිටින බහුතරය  සාක්ෂරතාව අතින් ඉතා ඉහලය. එනම් උන්ඩුක පුච්ඡ 10 අගයකි. ගනනින් හැට දෙලක්ශයකට ඔහොම, මෙහෙම වෙනසකි. මෙවන් වූ උගත් බුද්ධිමත් ජනතාව , ජම්බුකාවේ හඳුන් වන්නේ 'ජම්බරුවන්'' යන ගරු කටයුතු නාමයෑනි. මෙය වෙනත් රටවල 'අම්බරුවන්'යන්නට පර්යාය පදයක් ලෙස නොගත යුතු බවට මෙහිදී පාඨකයා අවවාද කෙරෙයි. මක්කා නිසාද යත්, ඉන් ජම්බරුවන්ට හෝ අම්බරුවන්ට අවමානයක් විය හැකි බැවිනි.

ජම්බුකාවේ වහල්,දීන මනසකින් යුතු ජන කොට්ඨාශයක්ද වෙයි.ඔවුන්ට හඳුවන්නේ 'ජම්බයියන්'' යනුවෙනි. උහු ජම්බරුවන් මෙන් උගත් බුද්ධිමත් සුරු විරු කම් නොදක්වති.උන්ඩුක පුච්ඡ 2 උපරිමයකට යටත් වූ බුද්ධි හීනයෝය.අමුම අමු ගෝත්රිකයෝය. ''සරම'' නම් අමුතු උපකරණයක් පළඳිති.

ජම්බුකාවේ ප්රධාන ආහරය ජම්බු යයි මේ වනවිට පාඨකයා සිතා සිටියි. මෙතනදී නම්, පාඨ්කයානනි, ඔබට කඳ හරහා ඇණ ගැනීමට සිදු වූ බැව් කාරුණිකව සළකන්න,


ජම්බුකාවේ උගත් බුද්ධිමත් ජම්බරු ජනතාව , ජම්බුකාවේ ජාතික ආහාරය වැළ්ඳීමෙහිලා වාසනාවන්ත වූ සත්ත්ව කොට්ඨාශය වෙති( සත්ත්ව කියා ලියන විට හල් තයනු 2ක් ලිවිය යුතුය. )
මෙම ආහාරයේ නම මඳක් දිගු එකකි. '' තිබුනු හැටියට මේක නියමයි'' .
දිග වැඩි ඒවා කොට කර තබා ගත යුතු බව භාවිතාවෙන්  දන්න ජම්බරුවෝ නම කෙටි කර මෙසේ කියති.

''තී හැ මේ නි !''.

 මෙය නිකන්ම වලඳන අහරක් නොවේමැයි.ජම්බුකාවේ නව් ඩේස් හිදී විවිධ වූ ප්රාතිහයර්යන් සිදු වෙමින් පවතී.ප්රධාන ආහාරය වලඳන්නේ එවැනි විටක දීය.

තී හැමේනිය කියා 3න් වරක් කියා , නාඹ්හිය අතගා(තමාගේ නාභිය )මහත් සේ අභිරුචියෙන් තලු මරමින් ආහාරයට ගත යුතු බැව් මෙයින් දත යුතුය.

වගත් මෙසේම යලි හමුවෙමු!