Sunday, June 26, 2016

ජම්බයියන්, ජම්බරුවන් සහ '''තී හැ මේ නි ය ''!




ජම්බයියන්, ජම්බරුවන් සහ '''තී හැ මේ නි ය ''!


 



ජම්බුකාවේ හුදී ජන ජීවිතය දැහැමෙන් සෙමෙන් ගලා ගිය නිසා, එහි විරිදු සැඳෑව දින නියමයක් නැතිව කල් ගිය බැව් ඔබ සැමට මතක් කරදීම මාගේ යුතුකම වෙයි.
එබැවින්ම, ඊවා මඩකලපුව , ආදම් මඩකලපුවද, මෙය වාර්තා කරන මා දීර්ඝ ශිශිර තාරක නින්දකට වැටී හුන් බවද සටහනට ගනු මැනවි.

ඇත්ත ඇති සැටියේ කියන්නේ නම්, ජම්බුකාවේ අරක මේක පටන් ගත් ආකාරයම දෝෂ සහගත වෙයි. මක්කා නිසාද යත්,ඊවා සහ ආදම් මඩකලපුව ගැන කීමට පෙර සමස්ත ජම්බුකාව  පිළිබඳව අපට කතා කිරීමට තිබුනා නොවේද? මා එතරම් ආත්මාර්ථ කාමී වූයේ ඇයි....?ඇයි..? ඇයි...?

මා කමන්න සෝයුරනි. අපි වැරදි නිවැරදි කරගෙන අලුත් වෙනසකට මග සොයමු.


ජම්බුකාවේ විත්ති.

ජම්බුදීපයෙන් දෙන්නම් ජම්බූ කියා දෙන විට දෙන තරමක් කන්නාන් කියා හෝල්සේල් එකේ කෑම හේතු කොට ජම්බුකාව තමාගෙ සුන්දර නාමය ඉතා දුකසේ උපයා ගත් බව මේ වනවිට උගත් පාඨකයා දනියි.

ජම්බුකාවේ මහජාතිය සහ සුලු ජාතිය යනුවෙන් දෙකොටසකි.ශාන්තී... ශාන්තී... කලබල නොවන්න.! මෙය ජාතිවාදී ගමනකට මුල පිරීමක් නොවෙයි.
ජම්බුකාවේ සාක්ෂරතාව මනින මිනුම වනාහී ''උන්ඩුක පුච්ඡ'' වෙයි.උන්ඩුක පුච්ඡ 1යි, උන්ඩුක පුච්ඡ 2යි,...ආදී ලෙසටය. මෙහි සාක්ශරතාව ලඟදී සිට ඉතා ඉහල අගයක් ගන්නට පටන් ගත්තේය. මේ සඳහා අත හිත ලබා දුන්නේ අම්මා වත් නැන්දම්මා වත්,ජම්බුකාවේ "පෝරක මලී'' බැන්කුවෙන් වත් නොව ''සෝක් මකර බුහ්!'' නම් වූ විද්වතා විසින් ලියන ලද කේස් බුක් නම් ග්රන්ථයයි; නොහොත් යන්ත්රයයි.

ජම්බුකාවේ සිටින බහුතරය  සාක්ෂරතාව අතින් ඉතා ඉහලය. එනම් උන්ඩුක පුච්ඡ 10 අගයකි. ගනනින් හැට දෙලක්ශයකට ඔහොම, මෙහෙම වෙනසකි. මෙවන් වූ උගත් බුද්ධිමත් ජනතාව , ජම්බුකාවේ හඳුන් වන්නේ 'ජම්බරුවන්'' යන ගරු කටයුතු නාමයෑනි. මෙය වෙනත් රටවල 'අම්බරුවන්'යන්නට පර්යාය පදයක් ලෙස නොගත යුතු බවට මෙහිදී පාඨකයා අවවාද කෙරෙයි. මක්කා නිසාද යත්, ඉන් ජම්බරුවන්ට හෝ අම්බරුවන්ට අවමානයක් විය හැකි බැවිනි.

ජම්බුකාවේ වහල්,දීන මනසකින් යුතු ජන කොට්ඨාශයක්ද වෙයි.ඔවුන්ට හඳුවන්නේ 'ජම්බයියන්'' යනුවෙනි. උහු ජම්බරුවන් මෙන් උගත් බුද්ධිමත් සුරු විරු කම් නොදක්වති.උන්ඩුක පුච්ඡ 2 උපරිමයකට යටත් වූ බුද්ධි හීනයෝය.අමුම අමු ගෝත්රිකයෝය. ''සරම'' නම් අමුතු උපකරණයක් පළඳිති.

ජම්බුකාවේ ප්රධාන ආහරය ජම්බු යයි මේ වනවිට පාඨකයා සිතා සිටියි. මෙතනදී නම්, පාඨ්කයානනි, ඔබට කඳ හරහා ඇණ ගැනීමට සිදු වූ බැව් කාරුණිකව සළකන්න,


ජම්බුකාවේ උගත් බුද්ධිමත් ජම්බරු ජනතාව , ජම්බුකාවේ ජාතික ආහාරය වැළ්ඳීමෙහිලා වාසනාවන්ත වූ සත්ත්ව කොට්ඨාශය වෙති( සත්ත්ව කියා ලියන විට හල් තයනු 2ක් ලිවිය යුතුය. )
මෙම ආහාරයේ නම මඳක් දිගු එකකි. '' තිබුනු හැටියට මේක නියමයි'' .
දිග වැඩි ඒවා කොට කර තබා ගත යුතු බව භාවිතාවෙන්  දන්න ජම්බරුවෝ නම කෙටි කර මෙසේ කියති.

''තී හැ මේ නි !''.

 මෙය නිකන්ම වලඳන අහරක් නොවේමැයි.ජම්බුකාවේ නව් ඩේස් හිදී විවිධ වූ ප්රාතිහයර්යන් සිදු වෙමින් පවතී.ප්රධාන ආහාරය වලඳන්නේ එවැනි විටක දීය.

තී හැමේනිය කියා 3න් වරක් කියා , නාඹ්හිය අතගා(තමාගේ නාභිය )මහත් සේ අභිරුචියෙන් තලු මරමින් ආහාරයට ගත යුතු බැව් මෙයින් දත යුතුය.

වගත් මෙසේම යලි හමුවෙමු!

No comments:

Post a Comment