![]() |
From Google |
ඉදින් ජම්බුකාව ට නව දිනක් උදා වෙයි.
ඉරිමා පාන්දර ස්වකීය පශ්චාත් භාගා උඩ ලා ගෙන සැතපෙන ආදම් ට සහ ඊවාට එලාම් නාදය ඇසෙන්නේ ඉතාම කර්ණ රසායන මන මෝහනීය ඇරයුමක් පරිද්දෙනි. ටයිම් පීස් ඔරලෝසුව මරා ගෙන මැරෙන්නට නැගෙන මෛත්‍රී සිතිවිලි පෙරදැරිව ඊවා පළමුව හඬ අවදි කරන්නීය.
''....ඇඩම්.. ඇඩම්..''
''..ම්හ්..''
''අවදි වෙන්න..''
''හ්ම්..හ්ම්..''
''අවදි වෙන්නකෝ..''
''..හ්ම්..හ්ම්..''
''...හ්ම්..හ්ම්..''
ඇඩම් අවදි නොවෙයි.හරියට තමාත් ඇහැරෙන්නේ ආදම් ගේ ඇස් වලින් මෙන් ඊවාත් අවදි නොවන්නීය.
විනාඩි ගනනක් ගෙවෙයි.අවදි වියයුතුය යන සිතිවිල්ල දැන් ආදම් ගේ හෘද සාක්ශිය පෙළයි.
''...ඊවී...''
''..ම්හ්..''
''...අවදි වෙන්න..''
''..හ්ම්..හ්ම්..''
''...අවදි වෙනවා..''
''...හ්ම්..හ්ම්..''
''..හ්ම්..'' ඊවා අවදි නොවන්නීය. එබැවින් ආදම් ද අවදි නොවෙයි.
තවත් විනාඩි ගනනක් ගෙවෙයි.අවදි විය යුතුය යන සිත්විල්ල දැන් දෙදෙනාගේම හෘද සාක්ශි එකසිය ගනනට පෙළයි.
එක්වරම ආදම් ඊ යන්න කියන විටම ඊවාටද ඇ යන්න කියවෙයි.කලින් කතා කර ගත්තාක් මෙන් දෙදෙනාම එකවර ඉද්ද ගැසුවා සේ නැගිටිති.උදෑසන ඇහැරීමට ආදම් ද ඊවාද එකිනෙකා ගෙන් දිරි ලබා ගන්නේ මේ අයුරිනි. උදෑසන කීවාට ඉතින් දැන් වේලාව උදේ පහමාර බව මතක් කළ යුතුය.මක් නිසාද යත් ඇහැ ඇරීමේ නාටකය උදෙසා පැය බාගයක් පමණ ගත වූ නිසායෙනි.
ආදම් ඉතා උද්යෝගයකින් යුතුව ට්‍රෙඩ් මිල් එකට ගොඩ වෙයි.ඇන ඔබයි. පදියි.වැටෙන්නට හදයි.නවතියි.තව ඇන ඔබයි.පදියි.ඔහුට හරියටම ඇහැ ඇරෙන්නේ වරක් වැටුනාට පසුවය.
ඊවා සීනි පිරුණු ස්වකීය මෝල්ට් පානය ට ග්‍රීන් ටී දමා බොන්නට පටන් ගනියි.තවමත් බාගෙට ඇහැරී සිටින ඇය සිය පිරුණු ශරීර ස්කන්ධය සෝපාව උඩ බාව ගෙන රිමෝට් කොන්ට්රෝලරයෙන් මුල් පිටුව සොයන්නීය.වයි පී ජම්බු කන්නට පටන් ගත් දින සිට මුල් පිටුව නැති බව නිදි මරගාතේ වුවද ඊවාට ග්‍රහණය වෙයි.
ඒ මුල් පිටුව හැර තවත් මුල් පිටු ඇත්දැයි, ඒවාත් හැර තව තව ත් මුල් පිටු ඇද්දැයි බලා ඈ වෙහෙසෙයි.
ඉන්පසු ආදම් දෙසට හැරෙයි. ''..අය්යෝ ඇඩම් ඔය ස්පීඩ් මදි නේ.ඔයාට වන් වීක් වලට වන් කිලෝ අඩු වෙන්න නම් දවසකට ඔයා තවුසන්ඩ් කැලරි වත් බර්න් කරන්න ඕනී.., අනික ඔයා කොල ජාති,ෆෘට්ස් ගොඩක් කන්න ඕනි, සීනි නොදා තේ බොන්න ඕනි, හරිද? කාර් එක මෙහයින් නවත්තලා ඉතුරු ටික ඇවිදින්න ඕනි.සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් නවත්තල හොඳ...ට.. ඇක්ටිව් වෙන්න ඕනි..,.........,... ..... ...,,''
ආදම් මේ උපදේශ කරුණා පෙරදැරිව දත් මිටි කමින් අසා සිටියි. දාඩිය වැගිරෙයි...ඊවා තව තවත් සීනි මෝල්ට් බොයි.එක්වරම ඉද්ද ගසා උඩ විසිවී නැගී සිටියි. ජයග්‍රාහී කූජනයක් නගයි.රවුමක් කැරකෙයි.
''..හා..! අල්ලල අල්ලලා..!''
ප්‍රීතිය උතුරා යයි.
මොකක් දැයි අසා ගන්නට ආදම්ට ඕනෑ වුනත් ඔහුට හතිය.ඔහු ගල් ඉබ්බෙකු සේ මේ හදිසි මහත් ප්රහර්ශයට හේතුව කුමක්දයි අභිනයෙන් අසයි..
''..අල්ලලා ....! ''..අල්ලලා ..!'' ඊවා වටයක් කැරකෙයි.යලිත් කූජනයක් නගයි.
මොහොතක් ගනියි.
''...අල්ලලා...!...................., පාස්පෝට් හෙර....!..''
නිදිමත කොහිද නැත. අද දවස නව ජවයකින් ගත කිරීමට ඊවාට දිරි ලැබී ඇත.
අල්ලලා..!
හි හි හම්මේ නින්දෙන් අවදි වෙන සීන් එක නම් කියන්න එපා,, මට මේ ලෝකේ තියෙන එපාම කරපු සද්දේ මගේ ෆෝන් එකේ එලාම් සද්දේ.. ගිය කොටසට වඩා නම් නියමයි ,, ජම්බුකාවේ ජන ජිවිතයට ඉබිකම් කරමින් ලියලා තියෙනවා නියමෙට ජය ..
ReplyDeleteස්තුතියි, ඔමා.
Deleteඑලාම් එක ඇලජික් වෙන එක ආදම් සහ ඊවා කාලෙ සිට පැවත එන දෙයක්.
ඔමා :D :D :D ++++++++++++++
Deleteබලාගෙන ගියාම "අල්ලලා තියෙන්නේ" මෝදි ට ය...
ReplyDeleteජම්බුකාවේ වැඩේම ජම්බු දීපයට ඇල්ලීමය.හේතුව මේ දිනවල කන්නේ වයි පී ජම්බු නිසාය.
Deleteමේ කාලේ මෝදිට ඇල්ලුවේ නැත්නම් ඇඩ්රස් නැති වෙනවාය පුතේ.
යන්තම් තුන්වැනි පෝස්ටුවේදී අල්ලා ගත්තා...... බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගන්නා අතර ම දිගට ම ලියන්න කියලා අාරාධනා කරනවා..............
ReplyDeleteස්තුතියි කුරුටු ගෑ ගී පැදුර.! ජම්බුකාවේ ආදම් සහ ඊවා දරන දේශපාලන අදහස් මොනවා වුනත් හැමදාම එන්න හොඳේ?
Deleteලියන්න බැරි උනත් කියවනවා.....ඔය පුරුද්ද මටත් තියෙනවා....ඔබේ පෝස්ටු නෙත ගැටෙන හැම මොහොතකම කියවන්න උත්සාහ ගන්නවා
ReplyDeleteවැව් ඉස්මත්ත ආ එක කොයි තරම් හොඳද? දිගටම හමුවෙමු ඉදිරියට.
Deleteබ්ලොගර් ෆලෝවරය දාන්න
ReplyDeleteමට පොඩි අවුලක් අටම්පහුර. දානවා දානවා වැටෙන්නේ නැහැ.
Deleteඕං මාත් ආවා. හැබැයි පුතේ ලියන එක ලියන්න ඕන කෙලවෙන්නටම.. එච්චරයි..
ReplyDeleteමම ඔබ දනිමි, කියවා තිබෙති
Deleteදේශකයා...
දෙශකයා//
ලියන්ට හිතෙනදේ ලියන්නමයි අත කහන්නෙ . කී දෙනෙක් තරහා වෙයිද දන්නෙ නැහැ. ඒත් ලියමු,ලියමු. ස්තුතියි දේශකයා.
//ඉරිමා පාන්දර ස්වකීය පශ්චාත් භාගා උඩ ලා ගෙන සැතපෙන ආදම් ට සහ ඊවාට එලාම් නාදය ඇසෙන්නේ ඉතාම කර්ණ රසායන මන මෝහනීය ඇරයුමක් පරිද්දෙනි. ටයිම් පීස් ඔරලෝසුව මරා ගෙන මැරෙන්නට නැගෙන මෛත්‍රී සිතිවිලි පෙරදැරිව ඊවා පළමුව හඬ අවදි කරන්නීය.//
ReplyDeleteඅපි හැමෝටම පොදු සත්‍යය...අහන්න ආසම නැති එලාම් සද්දේ..හික් හික්..
ඔව් මේකට එල්ලගන්න ෆලෝවින් ගැජට්ටුවක්..
Delete