අරක මේක කියන්නෙ තවත් එක්තරා සිංහල බ්ලොග් එකක්.
බ්ලොග් ලියන්නෙ පොඩි කාලෙ ඉඳලම කියවන්න හුරු වෙච්ච අය. එයාල තුල ඉන්න වෙන්ඩ ලේඛකයා නිතරම හිතෙන් කතා ලිය ලිය, කවි ලිය ලිය,චිත්‍රපටි පිටපත් ලිය ලිය විතරක් නෙමෙයි ඒවා අධ්‍යක්ෂණය පවා කරමින් ඉන්නෙ.මම නම් මගෙ අනාගත චිත්‍ර පටි වලට නලු නිලියොත් තෝරලයි ඉන්නෙ. අනේද කියන්නෙ.
පොත් කෙසේ වෙතත් බ්ලොග් වත් ලියමුකො, නැද්ද?
ඉතින් මං හිතා ගෙන ඉන්නෙ මට හිතෙන ඕනම දෙයක් ලියන්නයි. සිංහල බ්ලොග් ලෝකයේ හුදු පණබේරා ගැනීම උදෙසා පවතින රැල්ලට නම් ලියන්නෙ නැහැ.ඉතින් ඒ නිසා මට ගොඩක් මඩ හෙම නම් වදීවි.පුලුවන් තරම් උහුලලා බලමු.
මේ බ්ලොග් එකේදි විටෙක කාන්තාවක් වෙන්නත්, විටෙක පිරිමියෙකු වන්නත් මට නිදහස තියනවා. ඇතැම් විට මේක ලියන්නෙ දෙදෙනෙක් වන්නත් පුලුවන්. ඒත් මේ මම මෙහි ලියන දෙය වෙනුවෙන් පෙනී හිටිනවා. කියවනකොට හිතා ගන්න පුලුවන් වෙයි මේ ආදම්ද,ඒවාද කියලා. සමහර විට බැරිත් වෙයි.
ඕනම් ඇනෝ කෙනෙක් එන්න. ඇනී ලත් එන්න.පොනී ලත් එන්න.අපහාස අවමන් මැද බ්ලොග් ලෝකය ටිකක් අසීරු තැනක් වෙච්ච බවත් පෙනෙනවා.
කමක් නැහැ, ''දීගා ජාඝරතෝ රත්තී'' කිව්වා වාගෙ නිදි වරන්නාටයි ,රැය දිගු.
එහෙනම් පටන් ගනිමු.
yes ,,,,,, පටාන් ගමු,,, අපි ඉන්නෝ සප් එකට බොගේ ... බොග මේක බොට ඕනේ දෙයක් කොටාදාන එකයි අත්තේ ... ඒ වගේම ඔයාගේ පික්චර් පටියේ මටත් චරිතයක් ඕනේ,,, බ්ලොග් රෝලටත් දැම්මා,,,, ජය වේවා
ReplyDeleteආදර ඔමා, පළමු කමෙන්ට් එක ඔයාගේ. මට හරි සතුටක්.
Deleteකොයිතරම් මම ස්තුති වන්තද බ්ලොග් රෝලට දැම්මට.?
අනිවා, ඔයාට චරිතයක් දෙන්නම්. හොරර් ෆිල්ම් එකක. හැබැයි, අල්මාරි හෙලවෙනකොට දුවන්න බැහැ.
සින්ඩිකේටර් වලට ලින්ක් එක එකතු කරන්න,,,
ReplyDeleteI will.Thanks
Deleteඑළ!
ReplyDeleteමාත් ඔය චිත්තරපටි පිටපත් ලියන එකට මනාපයි බොහොම..ඇත්තෙන්ම කිව්වොත් කෑදරයි..ඒ වගේ තව එකෙක් ආව එක සතුටුයි..දිගටම ලියමු...අනික ෆලෝවින් කෑල්ල එල්ලමු නේ අපට එන්න?
මටත් චරිතයක් දියන් හොඳේ..? ;) ;)
දෙනවා දෙනවා .නොදී කොහොමද? හැබැයි වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක් මහලා අන්දවලා තමා මම නම් ඔයාව ගන්නේ.
Deleteලොල්! එච්චරට අවදානම් ප්‍රේක්ෂකාගාරය ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරවන චරිතයක් ද? හැක් හැක් හැක්...:D
Deletefollowing gadget එල්ලන්කෝ ආදම් සහ ඒවා..
අළුත් බ්ලොග් එකක්. අද තමයි දැක්කේ. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න අපට ලින්ක් එක එවන්න. පහතින් අපේ සින්ඩියට පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ස්තූතියි අජිත් ආවට වගෙම සින්ඩියට පාර කිව්වට.හමු වෙමු ඉදිරියට.
Delete//මේ බ්ලොග් එකේදි විටෙක කාන්තාවක් වෙන්නත්, විටෙක පිරිමියෙකු වන්නත් මට නිදහස තියනවා.//
ReplyDeleteඅනේද කියන්නේ...
ගෑනියෙක් පිරිමියෙක් මෙන්ම ඒ අතරතුර ඉන්න රනිල් කෙනෙක් වෙන්නත් ඔබට අයිතිය තියෙනවා...
ඇයි අකිල,මංගල, සාගල වීමේ ප්‍රීතිය? මේ රජයේ කැබිනට් ඇමති කෙනෙක් වීමේ ප්‍රීතියත් අත්විඳීමට වේදෝයි තවත් ප්‍රීතියි.
Delete