Friday, March 13, 2015

ජම්බුකාවේ ආදම් සහ ඊවා මඩකලපුව යුවල.





තවද එක් සමයෙක් හි, මෙ ලෙව් තලයේ එක්තරා විශාල නුවරක් තිබෙයි. විශාල මිසක් විශාලා නුවරක් නොවන බැව් පාඨකයා දත යුතුය. මෙ නුවර නාමය වනාහී ජම්බුකාව  නම් වෙයි.මෙම ද්වීපයේ භූමි කේන්ද්‍රයේ ලැබීම් ස්ථානයේ ජම්බු ලැබීමට අධිපති ග්‍රහ දෙවියා උච්චව, ස්වක්ශේත්‍රව මතු නොව දෙර්කාණාධිපතිව ද ස්ථාන ගත වී ඇති හෙයින් නිති පතා එකසිය ගානට, නා නා ප්‍රකාර  ජම්බු  ලැබීමේ,ජම්බු ම ලැබීමේ, පින් සාර ගුණයෙන් මෙකී නුවර අනූණ වන්නීය.

මෙහිදී පාඨකයා මෙය ''ජම්බුද්වීපය'' සමග පටලවා නොගත යුතුය.ජම්බුද්වීපය වනාහී අවට සාක් රට රාජ්ජ වලට සාක්කි මතු නොව ඇඩ්‍රස් ද නැති වන ගානට ජම්බු දීම නිසා එම නාමය උපයා ගත් බව දත මනාය.ජම්බුකාව තම නාමය උපයා ගත්තී නිමක් නැති තරම් ජම්බු කෑම නිසාමයැ.ඕ තොමෝ දෙන තරමක් ජම්බු කන්නීය.මේ දිනවල ඇය ට තරම් මුලු මහත් ලෝක ධාතුවෙන්ම විවිධාකාර තරු තියන, කතිර තියන , කරත්ත රෝද තියන දවටනවල ඔතන ලද විවිධ හැඩ තලවල ජම්බු ලැබෙයි. ඕ හිටු කියා ඒවා කන්නී හරි රසයිද කියන්නීය.
මේ සියලු අල්ලපු ගෙවල් වල ජම්බු වලට වඩා ද්‍රේශීය ව නිශ්පාදිත ජම්බු මේ දිනවල ජම්බුකාවේ ප්‍රධාන ආහාරය හෙවත් ස්ටේබල් ෆුඩ් එකය. මේ ලෝකල් ජම්බුවේ නම ''වයි. පී ජම්බු'' වෙයි. වයි. පී රිප්‍රසන්ට්  කොරන්නේ මොකක්දැයි තම තම නැණ පමණින් වටහා ගත යුතුය.

ඉදින් මෙවන් වූ ජම්බුකාවේ, ආදම් ද ඊවාද කොහොමින් කොහොම හරි පහළව තිබුනෝය.

මෙකී ආදම් පළමුව පාසල් ගිය දවසේ මෙන්න මෙවන් වූ ප්‍රශ්නයකට මුහුණ පා තිබුනේය.

ටීච:    ''ඇඩම්..., ඔයාගේ සර්නේම් එක මොකක්ද?''
ආදම්:   ''අහන්ට නම් එපා. කියන්නෙ නම් නැහැ රජෝ..! ''
ටීච:       '' හා හා හරි ස්වීට් අනේ. ඇයි ඔයා ඒක කියන්නේ නැත්තේ?''
ආදම්:     ''කියන්නෙ නැත්තෙද? ඕක කියලා අපෙ අල්ලපු ගෙදර ටිංකිරි කොක්කා මට තාම හිනා වෙනවා.මම කියයි ඕක. ටීචට මොකටද ඒක? මට ආදම්  කියන්නකෝ....!''

  ඉතින් මෙච්චර අකමැත්තෙන් තම පාසල් සමයේදී සැඟෙව්වද, මෙහිදී එය කීමට සිදු වෙයි. ඔහුගේ නම ආදම් මඩකලපුව නම් වෙයි. ඒ අනුව ඊවා තොමෝද ඊවා මඩකලපුව නම් වන්නීය.

ආදම් තෙමේ ( නම් ඊවා කුඩයක් ඉහලනු ඇත.මෙහි සිටින තරුණ නෝනලා කලබල නොවන්න ) වසර 14ක් පමණ ටියුශන් පන්තියේ සිට පෙම් කොට ඊවා සැට් කොර ගෙන කසාද ත් බැඳ හමාරය.

ඉතින් මෙතැන් සිට මේ පින්බර ජම්බුකාවේ වැසි ආදම් සහ ඊවා මඩකලපුව යුවල එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන සබ්බ සකලමනාව අරක මේක මෙහිදී හෙළි දරව් වෙයි.

ආදම් ලා ඊවාලා පමණක් නොව මේ හුදී ජන මාත් ජීවත් විය යුතු නිසා මගේ වෙන වෙනත් ඒවාත් ඉඩ ලැබුණු හැටි හැටියෙන් ලියැවෙනු ඇත.

7 comments:

  1. //ආදම් තෙමේ ( නම් ඊවා කුඩයක් ඉහලනු ඇත// LOL!
    එළ එළ...ඔහොම යං!

    ReplyDelete
  2. තනි තරුව කුඩේ ඉහලන්න හදනකොටම.... වරහන පෙනුනා.

    ඒක නෙමෙයි, වයි පී ජම්බු ගැන අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොකද්ද මචං මේ වයි පී ජම්බු කියන්නේ හැබෑවටම? මම මේ බොලා දෙන්නාගේ ඇහැ ඇරීමේ නාටකය කියවමින් ඉන්නකොට ආයෙත් අහන්න හිතුණා...:D

      Delete
  3. නියමයි ,,පට්ටයි කියන්න තරම් මට්ටමේ නැහැ මට නම් අවංකවම.. නමුත් මේ පටන් ගැන්ම වෙනස් විදියකින් .. භාෂාව නියමයි ,මං ආසයි..

    බ්ලොගර් ෆලොවර් ගැජට් එක දාන්න.. ඒ වගේම ඔයාගේ ගූගල් එකවුන්ට් එක හරහා ප්‍රයිවට් සහ පබ්ලික් විදියට ශෙයා කරන්න . අනිත් අයගේ බ්ලොග් වලත් කමෙන්ට් කරන්න..

    ජය වේවා

    ReplyDelete
  4. මම හරි කැමතියි ඒ ෆීඩ් බෑක් එකට.තෑන්ක් යූ වෙරි මච් දෙන සපෝට් එකට.

    ReplyDelete
  5. Jambu daily.... make it another apple daily :D

    http://en.wikipedia.org/wiki/Apple_Daily


    Apple Daily is a Hong Kong-based tabloid-style newspaper founded in 1995 by Jimmy Lai Chee Ying and is published by its company, Next Media. A sister publication carrying the same name is published in Taiwan, Republic of China under a joint venture between Next Media and other Taiwanese companies. Apple Daily tends to favour the pan-democracy camp in its editorials and commentaries.[1]

    Apple Daily's main sections include "Local News", "Foreign News", "Finance", "Entertainment", "Sports" and "Others"—including technology, travel, eating, cooking, fashion and more provocative material generating much of its popularity and controversy. Apple Daily's popularity as Hong Kong's second best selling newspaper, according to AC Nielsen, is derived from its concentration on celebrity coverage, brash news style, sensationalist news reportage and its anti-government political positions.

    Its founder brainstormed the name of this newspaper, stating that "if Adam and Eve didn't eat the apple, there would be no evil or wrongdoings in this world, which made news a non-existing term".[2]

    ReplyDelete
  6. First time to know this. Thanks Sarasa. Jambukaawa is my brainchild and Adam and Eve here are not naughty fellas.

    A Jambu a day, will keep Y.P away from me forever.Who knows?

    ReplyDelete