ජම්බුකාව සමස්ත ලෝක ධාතුවේ කරදර ,ප්‍රශ්න අවම නුවර ලෙස කීර්ති නාමය දිනාගනු ලැබුවේ පසුගිය ජනවාරි 8 වන දින පැවැත් වූ නගරාධිපති තරඟයෙන් පසු උදාවූ දේදුනු වසන්තයෙන් පසුවය.අයිස්ලන්තය, ඩෙන්මාර්කය පසුපසට එලවා ග්ලෝබල් පීස් ඉන්ඩෙක්සයට කලන්තය, කරකැවිල්ල ඇති කොට ජම්බුකාව දැන් අයෝමය කාන්තාවක මෙන් පෙරමුණේ සිටින්නීය.
වෙනකක් තබා බෲනායි රාජ්‍යයේ හසනල් අල් බොල්කියා රජ පවා ආර්ථික උපදෙස් ඉල්වා ජම්බුකාවේ අටුව භාර අමාත්‍ය '' හරි-සන්තෝස් කරුමනායක'' ගෙන් ඇපොයින්ට්මන්ටයක් බුක් කර අවසානය.
ඉදින් ජම්බුකාවට කුමන ප්‍රස්නද?ඇය වනාහී සකල නෛකශ්රීන් ආඪ්‍ය යුටෝපියා හෙවත් කේතුමතී නුවර විළි කොට පළවා හරින්නට සමත් වන්නීය.
මෙවන් වූ සුඛිත මුදිත තත්ත්වයක් තුල, අප්‍රියෙල් මස පැවැත්වෙන හෝලි උත්සවය ට සමගාමීව දේදුනු වසන්ත උත්සය පවත් වන්නට නගරාධිපති තැන්පත් මෙත්තපාල් සක්සේනා අණ කරන්නට යෙදුනේය.
උත්සව භූමියේ ඉතාම චාම් ලෙස පොල්කොට පුවක් කොට ඇසෙම්බල් කොට තනන ලද විශාල වේදිකාවකි. එහි බිමට අතුරා ඇත්තේ වියන ලද නෙරලු පත් වේ. වහල පනා පත්‍රයෙන් සැරසුම් කොට ඇත. වේදිකාවේ පසෙකින් ප්‍රභූ ආසන ලෙස කපා ඉතිරි වූ කොස් කොට කිහිපයක් ස්ථාන ගත කොට තිබෙයි.ඒවායේ පොඩියට මෙසේ සඳහන් වෙයි'' අනුග්‍රහය පුලස්තිනුවර පරිසර සංරක්ෂක රාජු මල්ලී ගෙනි. මම කපලාම දැන් ගස් ඉවරය.ඇත්තේ කොට පමණි.කමන්න...!''
වේදිකාවට ආලෝකය සපයා තිබෙන කුප්පි ලාම්පු හෙවත් වයිෆ් බැටරි වලින් කදිම ට්‍රොපිකල් සන්ධ්‍යාවක සිරි ඉතිරෙයි.සමස්ත වියදම රුපියල් 6000 න් කවර් කරගත් සංවිධායක මණ්ඩලය එම ප්‍රීතිය නිසා කූරියා නොගැසූවා පමණි.
රුපියල් පන් දහසේ සිට ඉහලට වූ අවසර පත් එදින දොරටුවෙන් ලබා ගත් නුවරු උත්සව භූමියේ පොදි කන්නට වූයේ මහත් උනන්දුවකිනි.
ආදම් හා ඊවා ඉදිරි පෙලින්ම අසුනක් හිමි කර ගන්නට සමත් වූහ.
හරියට සැන්දෑවේ හයට නගරාධිපති මෙත්තපාල් සක්සේනා මහතා ස්වකීය තුට්ටු දෙකේ බෙන්ස් රත කබලෙන් උත්සව භූමියට සැපත් විය.එතුමාගේ ගම්භීර පෞරුෂය දේශ දේශාන්තරයන්හි පතළය. ජනයා විසිල් පිට විසිල් ගසා එතුමා පිළි ගත්හ.
එතුමෝ ස්වකීය ප්රතාපවත් හඬින් උත්සව භූමිය අමතන්නට වූහ.
''නුවරුනි, මෙතැන නැති වුනත් මම පළමුවෙන්ම අවසර ගන්න යන්නේ අල්ලපු වත්තේ ජම්බු ද්වීපයේ සිටින, මා මේ හැඳ සිටින කංචුකය මට දුන් මගේ පියාණන් සම ජම්බුදීපයේ ගරු මෝදි අය්යාගෙන් සහ එතුමා ගේ කීකරු රෝ සුරතලා ගෙන්ය.මෝදි අය්යා මෙහේ ආ වෙලාවෙත් මට ජම්බු ගෙඩි දහ තුනක්ම දීලා ගියා. නිකං ජම්බු නෙමෙයි මේවා, හොඳ රතු ජම්බු, පැලෙන්න ඔන්න මෙන්න.කන්ට කන්ට ආසයි. කෑවාම රටම අන්දොස්! ඊලඟට අවසර ගන්නේ මට මෙව්වා එක ගලවා අතට අත දුන් ඇමරිකාවේ බකිංහැම් මාලිගාවේ මහා රංජනී ගෙන්ය..,එතුමියලා පාවිච්චි කරන්නේ ටිෂූ නොවැ? අත හෝදන්නේ නැහැ...., අපේ නෝනා ගිහිල්ලා දාපු ඇක්‍රොබැටික් මූව් එකට රැජින නෙමෙයි මාත් කොරවෙලා ගියා හිටං..! එච්චර ට දැකුම් කලුයි; චිත්තාකර්ශනීයයි...
මම ඇවිලා හරිම චාම් නගරාධිපති කෙනෙක්. උරුගුවේ හිටපු ජනපති ජෝසේ මුජිකා මොකෙක්ද? මා තමයි චා....ම්ම් ම, චා නගරාධිපති...
අද මෙතැන දේදුනු වසන්ත උත්සවය 2015 අරඹන්නේ ජාතික කොඩි ,ජාතික ගී අරවා මේවා නැතිවයි. හේතුව ඒවායින් ජාතික සමගිය නැති වී ජාතීන් අතර වෛරය ඇති වන්නට පුලුවන් නිසායි...,
මෝඩි අය්යාගෙ රටේ ඉස්සරත් දැන් වගේම පාරවල් පාරවල් ගානෙ වන්දේ මාතරම් කිය කියා ''මෙව්වා'' කරපු ක්‍රම වේදයක් තිබුනා.ආන්න ඒක අපි ඊලඟට උත්සව සමාරම්භක චාරිත්‍රයක් වශයෙන් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා...!..මින්පසු උත්සවයන්හි තියෙන්නේ පොල්තෙල් පහනක් නෙමෙයි, චාමෙට හදපු පොල්කොට කොමෝඩ් එකක්....!
ඕනෑම නම් නුවරුනි, වන්දේ මාතලන් කියලා වෙනස් කරන්න වුනත් මම කැමතියි....!
..මේ නව ක්‍රමයට උත්සව සමාරම්භනය පිළිබඳ කැබිනට් ඇමති වශයෙන් ''මංගල් සරම්
ආල'' මහතා මා මෙයින් පත් කර සිටිනවා. මොකද එතුමා ප්‍රසිද්ධියේ ඔය මෙව්වා එක
කරලා කරලා එහි ලා මනා පටුත්වයක් විදහා දක්වනවා.!''.''
නුවරු ඔල්වරසන් දෙති.විසිල් ගසති.ඩබල් විසිල් පවා ගසති.එකම උත්සව ශ්රීයකි.ගීත ඇරඹේ. නාට්‍ය ලාලාසයෙන් උත්සව භූමිය පිරී ඉතිරී යයි.
ආදම් විසිල් ගසයි.උඩ පනියි.ඊවා නැති වුනු සෙරෙප්පුව සොයයි.ආදම් ව නිහඬ කර ගෙන වාහනයට ගෙන යන්නට තැත් කරයි.ආදම් අත අතෑරව ගනියි.යලිත් උඩ පනියි.විසිල් ගසයි. කෑ ගසයි.
''....වන්දේ...හ්..!, මා...ත...රම්....!''
අඩුම දැන් අපිට ඉන්දියාවවත් ඉන්නවා... කලිං වෙච්චර හරිය මතකනේ...............
ReplyDeleteනොවැලැක්විය හැකි හේතුවක් මත බ්ලොගට එන්න බැරි වුනා. සමාව අයදිමි.
Deleteඉන්දියාව ඉන්න එක කොච්චර චෝයිද ඇත්තටම? අපේ මාලු නේ එයාලා කන්නේ? ඒකම කොස්චර ආඩම්බරයක්ද කියා සිතේ.
///නෛකශ්රීන් ආඪ්‍ය යුටෝපියා /// අදමයි ඇහුවේ මේ වචන සැට් එක,, ජම්බුකාවේ ඊලග සතිය තවත් රසවත් වේවි ඉදගෙන
ReplyDeleteනොවැලැක්විය හැකි හේතුවක් මත බ්ලොගට එන්න බැරි වුනා. සමාව අයදිමි.
Deleteජම්බුකාවේ ඊලඟ සතියට ලියන්න මට එන්න බැරි වුනා. අප්ඩේට් මග එනවා
ජම්බුකාවේ තත්වේ එන සතියේ සෑහෙන්න වෙනස් වෙයි වගේ පේන්නේ.. බලමු බලමු...
ReplyDeleteනොවැලැක්විය හැකි හේතුවක් මත බ්ලොගට එන්න බැරි වුනා. සමාව අයදිමි.
Deleteජම්බුකාවේ ඊලඟ සතියට ලියන්න මට එන්න බැරි වුනා. අප්ඩේට් මග එනවා
මගේ විසිල් සද්දෙත් ඇහුනද මන්දා සෙනඟ අස්සේ....ඈතක ඉඳගෙනයි මං විසිල් ගැහුවේ.......
ReplyDeleteනොවැලැක්විය හැකි හේතුවක් මත බ්ලොගට එන්න බැරි වුනා. සමාව අයදිමි.
Deleteමම දැක්කා, ඩබල් විසිල් ගැහුවේ ඔයානේ..
ජම්බුකාවේ ඊලඟ සතියට ලියන්න මට එන්න බැරි වුනා. අප්ඩේට් මග එනවා
කාලෙකින් ආවේ ආයිබොවංඩ..ඔය දීලා තියෙන්නේ ඇස්ටි හැලෙන්න..ඔය යන විදියට පොල් කොටන් කොමඩ්වල මෙව්වා කොරලා නැවතුණොත් මදැයි! :D :D
ReplyDeleteමේකට ෆලෝවරේ දාගන්නකෝ ප්ලීස්..
Deleteබ්ලොග පැත්තේ මට එන්න බැරි වුනා වැඩ ගොඩ ගැහිලා. ජම්බුකාවට ඒක විශාල පාඩුවක්.
Deleteබ්ලොග් ෆලෝවරේ දාන්නේ කොහොමද කියා කියලා දෙන්න පුලුවන්ද?